VIsa Accelerator වැඩසටහන අයදුම්පත් කැඳවයි

22

VIsa Accelerator වැඩසටහන යටතේ – 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ Fintechs ආයතන සඳහා දැන් අයදුම්පත් විවෘතවේ

ගෙවීම් සහ වෙළෙඳ අංශ වල ඇතිවිය හැකි අභියෝග විසඳීමට Fintechs ක්ෂේත්‍රයේ startups ආයතන සඳහා VIsa Accelerator වැඩසටහන අයදුම්පත් කැඳවයි

ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම, VIsa Accelerator වැඩසටහනේ සිව්වන අදියර දියත් කිරීම සඳහා අයදුම්පත් කැඳවන බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්‍රයේ startups ආයතන සඳහා Visa සමාගමේ ගෙවීම් කටයුතු පිළිබඳ විශේෂඥයින් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී එම ආයතනවල දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ.

VIsa Accelerator 2024 වැඩසටහන තුලින් කෘත්‍රිම බුද්ධිය (AI), ගෝලීය මුදල් චලනය සහ Loyalty of the Future, (අනාගත පක්ෂපාතිත්වය), ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා digital භාවිතය සහ Embedded Finance වැනි නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Visa ශ්‍රී ලංකා සහ මාලදිවයින හි දේශීය කළමනාකරු අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, රටෙහි ඉදිරියට එන ගෙවීම් නවෝත්පාදනයන්ට VIsa Accelerator වැඩසටහන හරහා ඔවුන්ගේ විසඳුම් බලගැන්වීම සඳහා ආරාධනා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment