1-5 ශ්‍රේණි සියලු දරුවන්ට මාර්තු සිට නොමිලේ දිවා ආහාරය

117

පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ලක්ෂ දහසයක් වන සියලුම දරුවන්ට ලබන මාර්තු මාසයේ සිට නොමිලේ දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ සඳහා රුපියල් බිලියන 16 ක් (කෝටි 1600) ක් වෙන්කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටී. ඒ අනුව දිනකට එක් දරුවෙකු වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110 දක්වා වැඩිකර, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මෙලෙස දිවා ආහාරය නොමිලේ ලබාදෙන බවද ඇමැතිවරයා කීය. 2024 වසරට අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ (01 දා) පැවැති උපාධිධාරීන් එකසිය හැට දෙදෙනෙකුට ලංකා ගුරු සේවයේ 3 – 1 (අ) ශ්‍රේණියට පත්වීම් ලබාදීමට එක්වෙමින් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment