සුනිමල් අයියා දුම්රිය දකින්නේ නැතුව  ති‍්‍රවීල් එක දාන්න ඇති

897

දුම්රිය හරස් මාර්ගයේ හරියට ගේට්ටුවක් නෑ

ඥාති පුත‍්‍රයකුවන කාලිංග සාක්ෂි දෙයි

රත්ගම – රිල්ලඹදී දුම්රියේ ගැටී  මියගිය සිව්දෙනාගේ මරණ පරීක්‍ෂණය

සුනිමල් අයියා දුම්රිය දකින්නේ නැතුව  ති‍්‍රවීල් එක දාන්න ඇති

දුම්රිය හරස් මාර්ගයේ හරියට ගේට්ටුවක් නැහැ. සිග්නල් හරියට වැඩකරන්නේ නැහැ. සුනිමල් අයියා දුම්රිය දැකලා නැතිව තමයි ත‍්‍රිරෝද රථය දාලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ… යැයි රත්ගම රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ ත‍්‍රිරෝද රථයක් ගැටීමෙන් වූ අනතුරෙන් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඥාති පුත‍්‍රයකුවන කාලිංග විරාජ් ගිතික (34) එසේ කීවේය.

සුනිමල් අයියා දුම්රිය දකින්නේ නැතුව  ති‍්‍රවීල් එක දාන්න ඇති

මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත‍්‍රිරෝද රථය ගැටීමෙන් මෙම අනතුර වී තිබුණි. ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සමාජිකයන් වන කලිංග සුනිමල් (45), මෙරින්ජි ලසිතා කුමාරි මෙන්ඩිස් (49), කාලිංග ජිනදාස (86), පස්කුවල්හන්දි තවුලිස්හාමි (84) යන අය මියගියහ. මියගිය සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණය රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මහත්මිය විසින් පෙරේදා (01 දා) පස්වරුවේ දී ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබුවාය. එහිදී සාක්ෂිකරු තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවේය.

මා ධීවර රැුකියාවේ නිරතව සිටිනවා. මියගොස් සිටින හතර දෙනාම මගේ ඥාතින්. මියගිය කාලිංග ජිනදාස මගේ තාත්තාගේ පැත්තෙන් මට බාප්පා වෙනවා. බාප්පා විශ‍්‍රාමිකයෙක්. ලසිතා කුමාරි මගේ අම්මාගේ නංගි. ලසිතාගේ අම්මාත් විශ‍්‍රාමිකයෙක්. මට අයිති ත‍්‍රිරෝද රථයෙන් සුනිමල් අයියාත් එක්ක මොවුන් දෙදෙනා හා ලසිතා කුමාරි ග‍්‍රාම නිලධාරිතුමිය හමුවීමට ගියා. වැල්ලබඩ ග‍්‍රාම නිලධාරිතුමිය හමුවෙලා එන අතරතුර තමයි රත්ගම රිල්ලඹ හන්දියේ දී මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා යන දුම්රියේ ගැටිලා කියලා තමයි මට දැන ගන්නට ලැබුණේ. රේල්පාරේ හරියට ගේට්ටු නැහැ. සිග්නල් හරියට වැඩකරන්නේ නැහැ. සුනිමල් අයියා දුම්රිය දැකලා නැතිව තමයි ත‍්‍රිරෝද රථය දාලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මේ සිද්ධිය වෙන අවස්ථාවේ මම හිටියේ ගාල්ලේ. මගේ මිතුරෙක් තමයි මට කිවේ මේ අය දුම්රියක හැපී ඇති බව. ගමේ අය එකතුවෙලා තමයි මේ අය වාහනවල දාගෙන කරාපිටිය රෝහලට රැුගෙනවිත් තියෙන්නේ.

ඥාතියකුවන විතානගේ රුවන් චලන පෙරේරා (39) හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

මා හෝටල් සේවකයකු ලෙස රැුකියාව කරනවා. මියගොස් සිටින තවුලිස්හාමි මගේ ආච්චි. ලසිතා කුමාරි මගේ පුංචි අම්මා. මේ අය වැල්ලබඩ ග‍්‍රාම නිලධාරිතුමිය හමුවෙලා විශ‍්‍රාම වැටුපට අදාල ලේඛණයට අත්සනක් ලබා ගැනීම සඳහා තමයි ගිහින් තියෙන්නේ. මාතර සිට වවුනියාව බලා ධාවනය වන දුම්රියේ ගැටී ඇති බව දැනගත්තා. මෙම සිද්ධිය වන අවස්ථාවේ මම හිටියේ අහංගම. ලසිතා පුංචිගේ දියණිය මට කථාකරලා කීවා අයියේ කරදරයක් වෙලා එන්න කියලා. මා කරාපිටිය රෝහලට ආවා. නංගි මගේ ඉදිරියට දුවගෙන ඇවිත් කිව්වා අම්මලා නැතිවෙලා කියලා. මම මෘතදේහ බලන්න ගියේ නැහැ. ඒ අයත් එක්ක ගෙදර ගියා. පසුව පොලිසියට ගිහින් අවශ්‍ය කටයුතු කළා. සුනිමල් බාප්පා ත‍්‍රිරෝද රථය දමලා තියෙන්නේ කොච්චිය නොදැක කියා තමයි මට හිතෙන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරිය දුම්රිය අනතුරෙන් වු බහුවිධ තුවාල හා මොළයේ අභ්‍යයන්තර රුධිර වහනය නිසා මරණය වී ඇති බවට තීන්දු කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment