හෙට නිදහස් සමරුවට  නිදහස් චතුරශ‍්‍රය සූදානම්

305

මෙරට 74 වැනි නිදහස් දින සමරුව හෙට (4 වැනිදා) මහත් උත්සවාකාරයෙන් යුතුව කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වේ.

කොරෝනා නීතිරීතිවලට අනුව මෙවර නිදහස් දින සමරුවට 2500කට පමණක් ඇරයුම් කර ඇත. ආරක්‍ෂක හමුදා බළකායන්ට සහ පොලිසියට සම්බන්ධ 6362ක් ද 431කගෙන් යුත් නැටුම් කණ්ඩායමක් ද මෙවර සමරුවට සහභාගී වෙති.

මෙම සියලූ ආරක්‍ෂක හමුදා පිරිස් රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක් කර ඇත. මේ අතර ටොරින්ටන් ප‍්‍රදේශය විෂබීජහරණයට ලක් කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු යොදා තිබේ.

කොරෝනා නිසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ද සමරු උළෙලට සහභාගී කරන පිරිස සීමා කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment