පෑලියගොඩ කැරට් ඊයේ 500 ට බසී

219

රුපියල් 2500 ට 3000 ට අලෙවි වූ කැරට් තොග කිලෝවක් ඊයේ (21 වැනිදා) පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ රුපියල් 500 – 600ත් අතර මිලකට අලෙවි වූ බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට පැවසීය.

මීට අමතරව බෝංචි ඇතුළු අනෙකුත් එළවළුවල මිලද පහත බැස තිබූ බව හෙතෙම කීය.

කෙසේ වෙතත් ඊයේ පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව ද ඒ මහතා කියා සිටියේය.

ඊයේ බෝංචි තොග කිලෝවක් රුපියල් 600 – 700 අතර මිලකටද, ලීක්ස් කිලෝවක් රුපියල් 350 කට, ගෝවා කිලෝවක් රු. 500කයද, වම්බටු කිලෝවක් රුපියල් 350 කටද, අමුමිරිස් කිලෝවක් රුපියල් 600 කට, මාළු මිරිස් කිලෝවක් රුපියල් 700 කටද, වැටකොළු කිලෝවක් රුපියල් 300 කටද, පතෝල කිලෝවක් රුපියල් 300 කටද, තක්කාලි කිලෝවක් රුපියල් 250 කටද, දෙහි කිලෝවක් රු. 150කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 130 කටද, රාබු කිලෝවක් රුපියල් 80 කටද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 80කටද අලෙවි වූ බව උපසභාපතිවරයා පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment