සිටිලීග් ‘යූසුෆ් කුසලාන’ පාපන්දු හෙට ඇරැඹේ

73

සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංචිධානය කරන ‘යූසුෆ් කුසලාන’ පාපන්දු තරගාවලිය හෙට (10 වැනිදා) සිට කොළඹ සිටිලීග් පාපන්දු පිටියේදී පැවැත්වේ.

සිටිලීග් 'යූසුෆ් කුසලාන' පාපන්දු හෙට ඇරැඹේ
අනුග්‍රහක සායිෆ් යූසුෆ් මහතා

යොවුන් පාපන්දු ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අරමුණින් පවත්වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක්ව සිටින අතර සති අන්තයේ සෑම දිනකම තරග දෙකක් පැවැත්වෙන අතර, ඒවා පස්වරු 2.30ට හා පස්වරු 4ට ආරම්භ කෙරේ. අවසන් වටය මාර්තු මුල් සතියේදී පවත්වා අවසන් මහා තරගය මාර්තු 10 වැනිදා පැවැත්වේ. සෝන්ඩර්ස්, බ්ලැක්ස්ක්වෙයාර්, කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, කොල්ලුපිටිය යුනයිටඩ්, ජාවාලේන්, වැල්ලවත්ත යංග් සිල්වර්, කොළඹ සිටි පාපන්දු සමාජය, මාලිගාවත්ත යූත්, කොම්පඤ්ඤවීදිය වික්ටරි, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා වැල්ලවත්ත කුරේ යන කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියි. තරගාවලියේ ජයග්‍රාහී යොවුන් කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා අනු ශූරයින්ට රුපියල් ලක්ෂයක තෑගි මුදලක් පිරිනැමෙන බව සිටි ලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා පැවැසීය.

ක්‍රීඩකයෙකු වසරක කාලයක් ඇතුළත වෙනත් ක්‍රීඩා සමාජයක ලියාපදිංචි වී ඇත්නම් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ හැකියාවක් නැති අතර, එවැනි ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළහොත් එම ක්‍රීඩා සමාජයේ ලේකම් ඇතුළු කණ්ඩායමට තහනමක් පැනවෙන බව ද පුවනේන්ද්‍රන් මහතා පැවැසීය.

“මෙවර තරගාවලියට ලක්ෂ 5ක අනුග්‍රහයක් ලබාදෙන සායිෆ් යූසුප් මහතාට ස්තුතිවන්ත වෙනවා. ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලිය නොමිලේ නැරඹිය හැකියි. ඒ සඳහා පාපන්දු සම්මේලනයේ හැඳුනුම්පත අනිවාර්යයි. එම හැඳුනුම්පත නැතිව ඇතුල් වෙන්න බෑ” පුවනේන්ද්‍රන් මහතා පැවැසීය.

සිටිලීග් 'යූසුෆ් කුසලාන' පාපන්දු හෙට ඇරැඹේ
සෝන්ඩර්ස්, බ්ලැක්ස්ක්වෙයාර්, කොළඹ, රිනවුන්, කොල්ලුපිටිය යුනයිටඩ්, ජාවාලේන්, යංග් සිල්වර්, කොළඹ සිටි, මාලිගාවත්ත යූත්, වික්ටරි, මොරගස්මුල්ල හා කුරේ යන කණ්ඩායම්වල නායකයන්.
සිටිලීග් 'යූසුෆ් කුසලාන' පාපන්දු හෙට ඇරැඹේ
සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන්, ලේකම් ඇන්ටන් ජෝයි හා තරගාවලි කමිටු සභාපති ෂබීර් රහීම් යන මහත්වරු මාධ්‍ය හමුවේදී.
advertistmentadvertistment
advertistmentadvertistment