නියං ආපදා මුල්කරගෙන විරෝධතා රැල්ලක් ගැන බුද්ධි අංශ හෙළි කරයි

158

ස්වාභාවික ආපදාවක් වන නියං තත්ත්වය මුල්කරගෙන ගොවි ජනතාව අතර මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වය උපයෝගි කරගෙන රජයට එරෙහිව එම ගොවි ජනතාව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් සංවිධානාත්මකව දියත් වෙමින් ඇති බවට බුද්ධි අංශ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විරෝධතා රැල්ල පිටුපස අරගලයට සම්බන්ධවී සිටි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ අරමුණු වී ඇත්තේ ජනතාව පාරට බස්සවා පසුගිය වසරේ මෙන් තත්ත්වයක් රට තුළ ඇති කිරීම බවත් බුද්ධි අංශ සඳහන් කර තිබෙන බව ද එම තොරතුරු අනාවරණය කර ඇත.

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වීමත්, ඒ මත ආහාර හිඟයක් ඇතිවන බව පෙන්වා ජලය වෙනුවෙන් ජන සටනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමටත් මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ද බුද්ධි අංශ වාර්තා කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment