සේනක රාජපක්ෂ (අධ්‍යක්ෂ සහයෝගීතා බෙදාහැරීම් – AIA ශ්‍රී ලංකා), තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව), චතුරි මුනවීර (ප්‍රධාන විධායක නිලධාරිනී – AIA ශ්‍රී ලංකා), ටැන් හක් ලේහ් (කලාපීය ප්‍රධාන විධායක නිලධාරී – AIA සමූහය), සංජය පෙරේරා (ජේෂ්ඨ සහකාර සභාපති – NDB බැංකුව)

හොංකොං හිදී නොබෝදා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA APAC බැංකු රක්ෂණ සමුළුව ඔස්සේ කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්, මූල්‍යමය සහයෝගීතාවයන්ගේ ඉදිරි අනාගත අවස්ථාවන් පිළිබඳව විමසා බලන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් ඔවුන්ගේ වටිනා අදහස් දක්වා සිටි සම්භාවනීය අමුත්තන් අතර චතුරි මුනවීර (ප්‍රධාන විධායක නිලධාරිනී – AIA ශ්‍රී ලංකා), සේනක රාජපක්ෂ (අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්), තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව) සහ සංජය පෙරේරා (ජේෂ්ඨ සහකාර සභාපති – NDB බැංකුව) යන මහත්ම මහත්මීන් විය.

“‍අනාගත බැංකු රක්ෂණයේ පුරෝගාමීත්වය” යන මැයෙන් පවත්වන ලද මෙම සමුළුව ඔස්සේ බැංකු රක්ෂණය ඉහළ තලයක් වෙත ගෙනයෑම සඳහා වූ කතිකාවතක් ගොඩනැගීම අරමුණු විය. නව්‍ය, ලාබදායී මෙන්ම ඩිජිටල්කරණ තාක්ෂණයෙන් උසස් බැංකු රක්ෂණ මොඩල දියුණු කිරීමට බලාපොරොත්තු වන, බැංකු සඳහා විශ්වාසනීය හවුල්කරුවකු වීම වැනි, AIA පිලිබඳ සුවිශේෂිත ශක්‍යතාවයන් මෙම සමුළුව පුරාවට ඉස්මතු කර දක්වන ලදී. මේ හා සම්බන්ධයෙන් පවත්වන ලද පළමු භෞතික රැස්වීම වූ මෙම අවස්ථාවට බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment