පොහොට්ටු සාමාජිකයෙක් ජනාධිපති සටනට

303

ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම සාමාජිකයෙකු ඉදිරිපත් කළ යුතුය යන්න එම පක්‍ෂයේ බහුතරයේ මතය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අදහස් දක්වමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් දිය යුතු බවට ප්‍රසන්න රණතුංග සහ දිලුම් අමුණුගම යන මහත්වරුන් කර ඇති ප්‍රකාශය පිළිබඳව ‘දිවයින’ මහ ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් දිය යුතුය යන්න ඔවුන්ගේ පෞද්ගලික අදහසක් මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය නොවන බවයි. ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් හතරදෙනකු ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment