ක්‍රිකට් විමර්ශනයට කෝප් අනුකමිටුවක්

90

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විභාග කිරීම සඳහා කෝප් කමිටුව වෙනුවට එහි අනු කමිටුවක් පිහිටුවීමට සාකච්ඡා වී ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

කෝප් කමිටුවට පැවරි ඇති බලතල අනුව එම කමිටුව වෙත යොමු වී ඇති යම් පැමිණිල්ලක් පිළිබඳව විභාග කිරීම සඳහා අනුකමිටුවක් පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන ඇති අතර, එම නීතිමය ප්‍රතිපාදන අනුව එම අනුකමිටුව පිහිටුවීමට සාකච්ඡා වී ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට කථානායකවරයා විසින් කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කෝප් කමිටුව විසින් විභාග කරමින් සිටියදී එම කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා හස්ත මුද්‍රාවෙන් යම් සංඥාවක් කළ බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද චෝදනාව නිසා කථනායකවරයා එම කමිටුවේ කටයුතු අත්හිටුවා ඇත.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment