ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී කාර්යසාධනය පිටුපස ඇත්තේ විවිධ මානයන් ඔස්සේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් භාණ්ඩාගාර අංශයේ නොසැලෙන කැපවීමයි. මෙය ද්‍රවශීලතා කළමනාකරණයේ සිට වෙළෙඳපළ අවධානම් අඩු කිරීම දක්වා පරාසයක විහිදේ. අපගේ බංග්ලාදේශ මෙහෙයුම් සහ මාලදිවයිනේ අනුබද්ධිත භාණ්ඩාගාර ඒකක ද කළමනාකරණය කරන අතරම භාණ්ඩාගාර අංශය උපාය මාර්ගික මුලපිරීම්, නවෝත්පාදක ආයෝජන හා පාරිභෝගික සේවය කෙරෙහි ඇති තිර අවධානය මගින් බැංකුවේ මූල්‍ය ශක්තියට සහ නියාමනවලට ඇති අනුකූලතාවන්ට විශාල දායකත්වයක් සපයන ආදර්ශමත් ප්‍රතිඵල නිරන්තරයෙන් ලබා දෙයි.”

කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශයේ ප්‍රධානි තිවංක දමුණුපොළ මහතා බැංකුව වෙනුවෙන් සම්මානය ලබා ගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment