පොලිසිය ඔළු කටු කුඩු කරලා

685

කළුතර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයකු ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් තමන්ගේ හිසට සහ ඇස්වලට හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පාර්ශවයකින් මෙතෙක් තමන්ට කිසිඳු සාධාරණයක් සිදුව නැතැයි කළුතර, බොලොස්සගම පදිංචි දෙදරු පියෙකු වන එම්.ඞී. දහම්රත්න මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් සහ තම පවුලේ අය කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පවා පැමිණිලි කළද දැනට මාස 02ක් ගතවීමට ආසන්නව ඇතත් එයිනුත් තමනට මෙතෙක් සාධාරණයක් ඉටුව නැතැයිද කී ඒ මහතා මෙම පහරදීමෙන් තමනගේ හිසට, සහ ඇස්වලට දරුණු හානියක් සිදුව ඇතැයිද කීය.

පොලිස් පහරදීමේන් සිදුවූ තුවාල සඳහා ප‍්‍රතිකාර වෙනුවෙන් මසකට රුපියල් 6000 ක් පමණ වැය වන අතර තමනට මේ වන විට රැුකියාවක් කිරීමේ අපහසුතාවක්ද ඇතැයි දහම්රත්න මහතා (39* සඳහන් කළේය.

පොලිසිය ඔළු කටු කුඩු කරලා

පසුගිය මාර්තු මස 30දා කළුතර, ගල්පාත ප‍්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුරදී පොලිසිය විසින් කළ මෙම පහරදීම හේතුවෙන් ඔහු දින 11ක් තිස්සේ කළුතර නාගොඩ රෝහලෙන් නේවාසික ප‍්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී ඔහුගේ හිසට ශල්‍යකර්මයක්ද සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‘දිවයින’ට මෙසේ සඳහන් කළේය.

මම මාර්තු 30 වැනිදා ගල්පාත තිබුණු සංගීත් සංදර්ශනයක් බලන්න ගියා තවත් යාළුවෙක් එක්ක. අපි එහි නටමින් සිටින විට පොලිස් නිළධාරියකු සහ තවත් අයෙක් පැමිණ මගේ යාළ්වාගේ ඇෙ`ග් වැදුනා. එවිට මගේ යාළුවාට ඒ ගැන ඇහුවාහම ඔවුන් පහරදුන්නා. පහරදීලා කෙස්වලින් ඇදගෙන ගිහින් නැවතත් පහර දුන්නා. මමත් ගිහින් ගහන්න එපා කියද්දී මටත් ඔවුන් ගැහුවා.

ඉන්පසුව අපි දෙදෙනා එම ස්ථානයෙන් පිටතට පැමිණෙන විට ඔවුන් තවත් පොලිස් නිළධාරීන් පිරිසක් සමග සිටියා. පොලිස් ජීප් රථයත් තිබුනා. අපිව දැකලා නැවතත් අරුන් දෙන්නා යනවා කියලා ඔවුන් නැවතත් ගැහුවා. මම එවිට පහර කාගෙන සංගීත සංදර්ශනය මැද්දට දිව්වා. ඔවුන් මා පසුපස එලවාගෙන ඇවිත් අල්ලාගෙන පහරදුන්නා. නිල ඇ\ුමෙන් සිටි එස්. අයි මහත්තයා හොඳටම ගැහුවා. ගහලා ලේ පෙරෙමින් සිටි මාවත් මගේ යාළුවා වත් පොලිස් ජීප් එකට දැම්මා.
ජීප් එකට දාලා පැය එකහමාරක් විතර තියා ගෙන හිටියා. ඒ අය මත්පැන් පානය කළා. මම කිව්වා මට අමාරුයි මාව රෝහලට ගිහින් දාන්න කියලා.

එත් ඔවුන් කිව්වා මාව එතන මැරුණත් රෝහලට ගෙනියන්නේ නෑ කියලා. පසුව ඒ අය මාව පොලිසියට අරන් ගිහින් කූඩුවට දැම්මා. මම ආයෙත් රෝහලට ගිහින් දාන්න මට අමාරුයි කියලා කෑ ගහලා කිව්වා. ඒත් අරගෙන ගියේ නෑ. උසාවි දාලා මාව දවස් 14කට ඇතුලට යවනවා කිව්වා. ඒත් මම ආයෙත් කෑ ගැහුවා. එවිට ඔවුන් මට බැණ වදිමින් රෝහලට ගිහින් දැම්මා. දාලා මට මංචු දාලා ඔවුන් ගියා යන්න. එච්චර අමාරුවෙන් හිටපු මට වැසිකිළියටවත් යන්න බැරිවුනා.

මම ඒ අවස්ථාවේ සිටි වෛද්‍යවරියට කිව්වා මට මේ අය ලැහුවා. මේ මහත්තයාලා තමයි ගැහුවේ, මට අමාරුයි කියලා, පසුව වෛද්‍යවරිය මාව ප‍්‍රතිකාර සඳහා යොමු කළා. මට සේලයින් දුන්නා. දවස් දෙකක් මගේ ලග පොලිසියේ හිටියා. ඒ අතර තුර මගේ විස්තර අහලා ඒ අයම මගේ අත්සන බලෙන්ම අරගෙන පොලිස් ඇප දුන්නා කියලා ගියා, මේ ප‍්‍රශ්නය දුරදිග ගෙනියන්න එපා කියලා ඔවුන් මට රෝහලේ දීත් තර්ජනය කළා.

පසුව මගේ හිසේ ශල්‍යකර්මයක් සිදු කළා.වෛද්‍යවරුන් මට කිව්වා එය පැය තුනහමාරක් විතර ගතවුණා කියලා. හිස් කබල කුඩු වෙලා තිබෙනවා කියලා කිව්වා. මම තවස් දවස් 10කට විතර පසුව රෝහලෙන් ගෙදර ආවා. ඒ අතරතුර මගේ බිරිඳ කළුතර උතුර පොලිසියට ගියත් පැමිණිල්ල ලියා ගන්නවත් කි‍්‍රයා කර තිබුනේ නෑ. හොඳටම බැණලා තිබුණා. පසුව නිජෝජ්‍ය පොලිස් පති කාර්යාලයටත් පැමිණිලි කළා. නමුත් තවම මගේ පැමිණිල්ල විභාග කලේත් නෑ.

දැන් මගේ හිස සහ වම් ඇහැවටේ හිරිවැටිලා තිබෙන්නේ. මම වෘත්තියෙන් කිමිදුම් කරුවෙක්. නමුත් දැන් ඒකත් කරගන්න බෑ. බෙහෙත්වලටත් මාසයකට රුපියල් 6000 ක් විතර වැය වෙනවා. පොලිසියෙන් හො කිසිම සාදාරණ පරීක්ෂනයක් වෙලා නෑ. රටේ නීතියක් තිබෙනවා, පොලිසියට මෙහෙම වැරුද්දක් නොකළ මිනිස්සුනට ගහන්න අයිතියක් තිබෙනවා කියලා මම පොලිස්පති තුමාගෙන් අහනවා.

advertistmentadvertistment
advertistmentadvertistment