ඉන්දීය මහ මැතිවරණය අදියර හතරකින්

115

ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතකින් පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී ජුනි 1 වැනිදා අවසන් වේ.

මැතිවරණ ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් පවසා තිබේ.

මිලියන 968 ක පමණ ඡන්දදායකයින් සිටින ඉන්දියාවේ මැතිවරණය එතෙක් මෙතෙක් ලොව දුටු විශාලතම මැතිවරණය වනු ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ එහි මිත්‍ර පාර්ශ්වයන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි මත විමසුම් පුරෝකථනය කරයි.

කොංග්‍රසය ඇතුළු විරුද්ධ පක්ෂ දුසිම් දෙකකට වැඩි සංඛ්‍යාවක් මෙම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ජය ගැනීම උදෙසා ඉන්දියාව නමින් සභාග කණ්ඩායමක් පිහිටුවා ඇත.

ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට ආසන 543ක් ඇති අතර ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 272ක් අවශ්‍ය වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment