අනුරලා ආරක්ෂිත උපක්‍රම වෙනස් කරති

581

ජාතික ජනබලවේගයේ දේශපාලන නායකයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කර නව ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමට කටයුතු කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වෙයි.

මේ වන විට ඔවුනට එල්ල වී ඇතැයි පැවැසෙන ජීවිත තර්ජනයන් හේතුවෙන් පක්ෂය මෙම තීරණය ගෙන ඇත.

නව ආරක්ෂක උපක්‍රම සඳහා හිටපු ආරක්ෂක අංශ ඉහළම නිලධාරීන් කිහිපදෙනකුගේ උපදෙස් ලැබී ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත නව ක්‍රමවේදයන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂයට ආවේණික වූ ආරක්ෂක උපක්‍රම මෙතෙක් කල් භාවිතා කර ඇති අතර ඉන් ඔබ්බට ගිය නව ක්‍රමවේදයන් අවශ්‍ය බව ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ මතය වී ඇති බව සඳහන් වේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment