රාජ්‍ය ආයතන 23ක තොරතුරු පද්ධති ‘දේශීය ආදායමට’

63

ආදායම් බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කර වේගවත් හා විධිමත් කිරීම සඳහා රාජ්‍ය ආයතන 23 ක තොරතුරු පද්ධති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෝටර් රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, මහ බැංකුව, ආරක්ෂක අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ඇතුළු ආයතන එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය හා ඒකාබද්ධ කිරීමට නියමිතය.

මේ වන විට මුදල් අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව එකී දත්ත පද්ධතිය සමග ඒකාබද්ධ කර තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment