රඟහලේ ඉන්ද්‍රජාලික පෙම්වතිය – ටෙලි අලංකාරයට

156

දිව්‍යශාරිකා බ්‍රිජෙට් බ්‍රෙන්ඩන් කිව්වාම නම ටිකක් නුහුරු ඇති. නමුත් මේ දිනවල පුංචි තිරය ඔස්සේ ඇය ඔබේ ආලින්දයට ගොඩවෙනව. මීවිත දිව්‍යා සමග කළ සංවාදය විමසා බලන්න. ඔබ ඇය හඳුනා ගනීවි.

● දිව්‍යාට ‘සල්ලි පොකුරු. හම්බවෙනව” ‘සර්කස්කාරයෝ’ මුණගැහෙනව” කොහොමද මෙහෙම වුණේ?

මට නැවත ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට යොමු වෙන්නෙ කාලෙකට පස්සෙ. ‘සල්ලි පොකුරු’ ටෙලියට වගේම ‘සර්කස්කාරයෝ’ ටෙලියටත් කතා කළේ සද්ධා අයියා’ සතුටින් භාරගෙන සම්බන්ධ වෙලා ඉන්නවා.

● ‘සර්කස්කාරයෝ. හි නෙත්මිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මට සාපේක්‍ෂව නෙත්මි කියන්නෙ වෙනස්ම චරිතයක්. මමත් කැමතියි ඒ වගේ එකිනෙකට වෙනස් චරිතවලට’ මගතොට මුණගැහෙන සමහර අය අහනව ඔයාත් ඇත්තටම ඒ වගේද කියල’ ඇත්තටම බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.

රඟහලේ ඉන්ද්‍රජාලික පෙම්වතිය - ටෙලි අලංකාරයට

● ඇත්තටම දිව්‍යාත් ඒ වගේද?

අනේ නැහැ’’’ නෙත්මි කියන්නෙ ෆැෂන් කරන්න බොහොම කැමති කෙනෙක්’ එයාට සාපේක්‍ෂව බලද්දි සැබෑ ජීවිතයේදී මම කරාඹු දෙකක්වත් දාන්න කැමති නැති කෙනෙක්.

● කලාවෙන් ඈත් වෙලා හිටියාද?

ඇත්තටම කිව්වොත් කොරෝනා වසංගතයත් එක්ක මම ගොඩක් දුරට කලා කටයුතුවලින් ඈත් වුණා’ අවුරුදු පහකට පමණ පසුව තමයි නැවතත් සුපුරුදු විදිහට වැඩ කරන්න පටන්ගන්නෙ.

රඟහලේ ඉන්ද්‍රජාලික පෙම්වතිය - ටෙලි අලංකාරයට

● ඔබ වඩාත් සමීප වේදිකාවට?

ඔව්” මම කලාක්‍ෂේත්‍රයට එන්නෙ වේදිකාව හරහා’ කැලණිය විශ්ව විද්‍යාලය හරහා ඒ සඳහා ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ වගේම සිරස ෆිල්ම් ස්ටාර් මගින් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එන්න මට මගපෑදෙනව.

● ඔබ නාට්‍ය හා රංග කලා උපාධිධාරිණියක්?

මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 2016 වසරෙ. එතැනින් මම නාට්‍ය හා රංග කලා උපාධිය ලබා ගන්නවා. ඒ කාලය තුළදි මට ප්‍රියංකර රත්නායක මහත්මයාගේ රතු වෙස්මුහුණු” අද වගේ දවසක” ඇන්ටිගනී” කිලර්” විසේකාරියෝ වගේම ස්ට් ලව් යන නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනව. ඒ වගේම සංජීව ගුණරත්න මහත්මයාගෙ ආදරවන්තයින්ගේ පාර්ලිමේන්තුව” චෙකොෆ්ගේ අවළහා සහ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා තරඟ වැදුන අනුරාධ සුබසිංහ මහත්මයාගේ ඉන්ද්‍රජාලික පෙම්වතිය යන නාට්‍ය වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ දේවල් මගේ ජීවිතයට වෙනම විශ්වවිද්‍යාලයක් වුණා. මොකද මම තවමත් රංගනය හදාරමින් ඉදිරියට යන්නෙ. මම ඉගෙන ගත්ත විෂය නිසා මම ආසයි ඒක දිගටම කරගෙන යන්න.

● දිව්‍යාගේ වැඩි කැමැත්ත තවමත් වේදිකාවටද?

කලාව තුළ මම කරන ඕනෑම දේකට මං ආදරය කරනව. ඒක ටෙලි නාට්‍යය ද වේදිකාව ද කියල විශේෂයක් නැහැ.

● මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල නම් මම ඉන්නෙ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ එක්ක තමයි.

● ඔබේ ටෙලි නාට්‍ය පෙළගැස්ම කොහොමද?

සංජය නිර්මාල් අයියගෙ ‘තුත්තිරි’ කියන ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණ. ඊට පස්සෙ සිල්ලර සමනල්ලු’ සිහින සමාගම” නාඩි යන ටෙලි නාට්‍ය කිහිපයකටම මගේ දායකත්වය ලබා දුන්නා.

● කලාවෙන් ඈත් වෙලා හිටියෙ කොරෝනා නිසාමද?

මගේ ගම නුවර. කොරෝනාත් එක්ක ගමේ ගිය කාලෙ වෙනකොට මගේ විශ්ව විද්‍යාල ජීවිතේත් අවසානයි. ඒ කාලෙ බෝඩිංවලනෙ හිටියෙ. ගමේ ගියාට පස්සෙ ප්‍රවාහන අපහසුතාත් මතුවෙනව. වසංගතයත් එක්ක කලා ක්‍ෂේත්‍රයේ කටයුතුත් අවුල් වුණා. මේ දේවල් එක්ක ඉබේම වගේ මාවත් කලා කටයුතු වලින් ඈත් වුණා. ඒකයි සිද්ධ වුණේ.

● ඔබ මේ වන විට රැකියාවක් කරනවද?

දැනට මගේ රැකියාව වෙන්නෙ රඟපෑම තමයි. ඉගෙනගත්ත දේ දිගටම කරන්නයි මගේ කැමැත්ත තියෙන්නෙ. ඒ වගේම තව අලුත් දේවල් ඉගෙනගන්නත් කැමැත්තෙන් ඉන්නව.

● රිදී තිරයෙන් අලුත් වැඩක් ලැබිල කියල ආරංචියි?

ඔව්” මේ දවස්වල ලැබුණ ආරාධනයක් එක්ක සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නව. වැඩි විස්තර පසුවට කියන්නම්.

● මෙතෙක් පැමිණි ගමන ගැන සෑහීමකට පත්වෙනවද?

මේ ගමනේ ගෙවුණ මග දෙස නැවත හැරී බැලුවොත් ගෙවුණ හැම තත්ත්පරයක් ගැනම” හැම දවසක් ගැනම ගොඩක් සතුටුයි. හැම මොහොතකම මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.

● කලාව හරහා ලබෙන ජනප්‍රියත්වය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

අපි යම් විදිහකින් චරිතයකින් ඉදිරියට එනවනම්” සාර්ථක වෙනවනම් අනිවාර්යයෙන්ම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන නිර්මාණයේ රචකයාට” අධ්‍යක්‍ෂවරයාට වගේම මුළු කණ්ඩායමටමයි කියන එකයි මගේ අදහස. කැමරාවක් ඉදිරියේ විතරයි මම රංගන ශිල්පිනියක් වෙන්නෙ. අනෙක් හැම මොහොතකම මමත් මේ සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්.

● දිව්‍යා කියන්නෙ මොන වගේ චරිතයක්ද?

දිව්‍යා කියන්නෙ” හැම මොහොතකම හැමෝමත් එක්ක සතුටින් ඉන්න කැමති චරිතයක්.

● සැමියා ගැන කිව්වොත්?

ඔහු තරිඳු කැප්පෙටියාව. ආරක්‍ෂක අංශයට සම්බන්ධව රැකියාව කරනවා.

● ඔබට ප්‍රවීණයන් රැසක් මුණගැහෙනව?

ඔව්” එතනදි මම හිතනව මම හරි වාසනාවන්තයි කියල. ඒ වගේ රංගන ශිල්පීන් වගේම අධ්‍යක්‍ෂවරු සමග වැඩකරන්න ලැබුණ හැම මොහොතකම එයාල දන්න දේ මට කියල දීල තියෙනව. මම වැඩ කළ නිර්මාණ සහ වැඩ කරන නිර්මාණ ගැන ආපසු හැරිල බැලුවම ඒ සාර්ථකත්වය මම දකිනව.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප -සංජීව පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment