මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය කණ්ඩායම අපරාජිත වෙයි – ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය

135

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමිවූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා දෙවන පෙළ තරගාවලියේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය කණ්ඩායම සහ පැපුවානිව්ගිනියාව කණ්ඩායම අතර ඊයේ (25දා) සවස පැවති තරඟයෙන් ගෝල් 4-0 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය කණ්ඩායම සමත් වූයේය.

මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය කණ්ඩායම අපරාජිත වෙයි - ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය

භූතානය සමග පැවති සමාරම්භක තරඟයෙන්ද ගෝල් 6-0 ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය කණ්ඩායම ඒ අනුව තරගාවලිය අපරාජිතව අවසන් කිරීමට සමත් වූයේය. ඒ අනුව තරඟ 2-0 ක් ලෙස තරගාවලිය අවසන් කළ ඔවුහු එහි පෙරමුණ ගැනීමට ද සමත් වූහ.

මෙම තරඟය කොළඹ රීඩ් මාවත තුරඟ තරග ක්‍රීඩාංගණයේදී ඊයේ හවස පැවති අතර තරගාවලියේ අවසන් තරගය ඊයේ රාත්‍රී 8.45 ට ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවැත්වීමට නියමිතව තිබුණි.

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය සහ පැපුවානිව්ගිනියාව අතර තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 3-0ක් ලෙස මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය ඉදිරියෙන් සිටියේය. තරඟයේ දෙවැනි භාගයේදී පැපුවානිව්ගිනියාව කණ්ඩායමට එරෙහිව තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට අපරාජිතයෝ සමත් වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment