කිඹුලාවෙල වාහන අංගනයකදී ඉංග‍්‍රීසි ගුරා බාලවයස්කාර තරුණියට අතවර කරයි

354

නිට්ටඹුව ප‍්‍රද්ශයේ බාලවයස්කාර තරුණියක් රවටා සිය මෝටර් රථයෙන් රැුගෙන විත් තලංගම පොලිස් වසමේ කිඹුලාවෙල පිහිටි වාහන අංගනයකදී ඇයට අතවර කළ උපකාරක පංති ගුරුවරයකු තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගුරුවරයා නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචි ඉංග‍්‍රීසි ගුරුවරයෙකි.

වාහන අංගනයට ඇත ුළු වූ මෙම කාර්ය පිළිබඳව සැක සිතූ ත‍්‍රිරෝද රථ රියැදුරකු අසල රාජකාරියේ නිරතව සිටි පො. කො. (19228) රන්දික මහතාට දැනුම් දීමෙන් පසු ඔහු මෙම කාර්ය පරීක්ෂා කිරීමේදී උපකාරක පංති ගුරුවරයා තරුණිය නිරුවත් කරමින් සිටිනු දැක ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

වයස පනහක් පමන වන මෙම ගුරුවරයා පාදයක යම් ආබාධයක්ද සහිත පුද්ගලයෙකි. ඔහු වයස 17ක් වන සිසුවියට ඉංග‍්‍රීසි උගන්වා ඇති අතර ඇයට ඉංග‍්‍රීසි විභාගයක් ඇති බව ඇගේ නිවසට පවසා ඇය රැුගෙන විත් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment