රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වැනි උපාධි ප්‍රදානෝත්සවය

126

රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වැනි උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 16 වැනි දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා එහි කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවීර ලේඛකාධිකාරී පී. එස්. කලුගම මහත්මිය සහභාගිත්වයෙන් rabin nath thagor අනුස්මරණ ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වැනි උපාධි ප්‍රදානෝත්සවය

එම අවස්ථාවට සියලුම පීඨවල පීඨාධිපතිවරුන් මහාචාර්ය ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සහභාගි වී සිටියහ. කලා ක්ෂේත්‍රයට කළ මහඟු මෙහෙවර වෙනුවෙන් විශේෂ සම්මාන ආචාර්ය උපාධියක් ධර්මසිරි බණ්ඩාරනායක මහතාට ද පිරිනැමිණි.

රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වැනි උපාධි ප්‍රදානෝත්සවය

මෙවර උපාධිධාරීන් 1894 දෙනකුද පශ්චාද් උපාධි දෙසිය පනස් හතක් ද සම්මාන උපාධිධාරී එකක්ද පිරිනමන ලදි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ විසි නව වන උපාධි ප්‍රදානෝත්සවයේ අවස්ථා කිහිපයකි.

ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment