ඉන්දියාවෙන් ගෙන්නුවා කී බෙහෙත් ලංකාවේ හදපුවා

105

ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචියකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වූ බව පවසා මෙරටදී නිෂ්පාදනය කරනු ලැබ ඇති ඖෂධ කාණ්ඩ හතරක් සොයා ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත.

මෙම ඖෂධ කාණ්ඩ හතර ද මින් පෙර ප්‍රශ්න සහගත ඉමියුනිග්ලොබියුලින් වංචාවට සම්බන්ධ, මේ වනවිට අත්අඩංගුවේ පසු වන සැපයුම්කරු විසින්ම මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළට සපයා මේ වනවිට රෝහල්වල භාවිත වෙමින් පවතින බවට ද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ගුද මාර්ගය සහ මහ බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගීන්ට ලබා දෙන linotecan Hydrochicride Trihydrate injection, පියයුරු පිළිකා, ආමාශය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට ලබා දෙන Docet axei injection, ඇසේ දෘෂ්ටිවිතානය ආශ්‍රිත ශල්‍යකර්මවලදී භාවිතා කරනු ලබන Fluorescein Sodium injection, රුධිර කැටි ගැසීම ආශ්‍රිත ගැටලු සහිත රෝගීන්ට ලබා දෙන Factor vii injection යන ඖෂධ කාණ්ඩ හතර මෙරටදී නිෂ්පාදනය කර ඇතත් එම ඖෂධ නිෂ්පාදනය කළ ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.

මෙයට අමතරව වෙනත් සැපයුම්කරුවන් මගින් ද ඉන්දියාවෙන් ගෙන්වන ලදැයි පවසා මෙරටට ගෙන්වනු ලැබ තිබූ ඇතැම් ඖෂධ වර්ග කිහිපයක් ද ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment