එංගලන්ත තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පිටත් වෙති

96

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (23 වැනිදා) එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කරන ලදි. සංචිතයේ උප නායිකාව ලෙස ඕෂදී රණසිංහ නම් කර තිබේ. එංගලන්ත තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතය. අගෝස්තු 31 වැනිදා 20යි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 28 වැනිදා පුහුණු 20යි 20 තරගයකට ද එක්වීමට නියමිතව තිබේ. අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් දෙරට අතර එක්දින තරගාවලි සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), ඕෂදී රණසිංහ (උප නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment