පාපන්දු නිලවරණය 22 වැනිදාට කල් ගියා… කැරම් 28 සහ ටයිකොන්ඩෝ 29 වැනිදා

150

පාපන්දු සම්මේලනයේ නිලවරණය සැලසුම් කළ පරිදි අද (14 වැනිදා* දින නොපැවැත්වෙන බවත් එය ලබන 22 වැනිදා කොළඹ තුර`ග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිවයින’ ට පැවැසීය.
 
 සංචරණ සීමා 14 වැනිදා අලූයම 4.00 ට ඉවත් කරන බවට රජය කලින් සිදුකළ දැනුම් දීමට අනුව නිලවරණය අද 14 වැනිදා පැවැත්වීමට තීරණය කළත් සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීම නිසා නිලවරණය 22 වැනිදා දක්වා කල් දැමූ බවත් අමල් එදිරිසූරිය මහතා ප‍්‍රකාශ කළේය.
 
 පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට සැලසුම් කළ  අවස්ථා කිහිපයක්ම කොවිඞ් රෝගය රට තුළ ව්‍යාප්ත වීම නිසා කල් දමන්නට සිදුවූ බවත් මුලින් එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වීමටද සැලසුම් යොදා තිබූ බවත් අමල් එදිරිසූරිය මහතා කීවේය.
 
 කෙසේ වෙතත් දැඩි සෞඛ්‍ය උපදෙස් මත ලබන 22 වැනිදා කොළඹ තුර`ග තරග පිටියේදී නිලවරණය එදින උදෑසන සිට සවස දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් පැයකට 30 දෙනා බැගින් ඡුන්ද දායකයන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවත් අමල් එදිරිසූරිය මහතා පැවැසීය.
 
 පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා පාපන්දු ලීග 62 ක් සුදුසුකම් ලබා ඇති අතර එක් ලීගයකට ඡුන්ද 03 ක් හිමිවේ.
 
 මේ අතර තවත් ක‍්‍රීඩා සංගම් 5 ක නිලවරණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් ඒ අතරින් කැරම් නිලවරණයට ලබන 28 වැනිදා ද ටයිකොන්ඩො නිලවරණයට ලබන 29 වැනිදා දින යොදා ඇති බව එදිරිසූරිය මහතා කීය.
 

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment