වේගවත්ම මිනිසා සහ කාන්තාව ඇමෙරිකාවෙන්

478

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ පස් වතාවක්ම කාන්තා මීටර් 100 ඉසව්වේ ශූරිය බවට පත්වූ ශෙලී ඈන් ෆ්‍රේසර් තුන්වැනි තැනට පත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ශාකෙරි රිචඩ්සන් නව තරගාවලි වාර්තාවක් ද සමග මෙවර තරගාවලියේ දී ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 අවසාන තරගයේ රන් පදක්කම දිනූ ශාකෙරි ඒ සඳහා වාර්තා කළ කාලය තත්පර 10.65 කි.

ජැමෙයිකා ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන්ට දෙවන ස්ථානය හිමි වූ අතර ඊයේ (22 වැනිදා) අලුයම මෙම තරගය පැවැත්විණි.

ශෙරි ඈන් මෙම තරගය ජයග්‍රහණය කළේ නම් හය වරක් එකම ඉසව්වේ ලෝක ශූරතාවය දිනාගත් ප්‍රථම හා එකම ක්‍රීඩිකාව බවට පත් වීමට ඇයට හැකියාව තිබුණි.

හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී පැවැත්වෙන 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්පර 9.83කින් නිමා කරමින් ලොව වේගවත් ම ක්‍රීඩකයා ලෙස කිරුළු දැරීමට ඇමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment