ටියුෂන් ගිය මැදගම දියණියක් ඉරිදා සිට ආගිය අතක් නෑ

865

මැදගම නන්නපුරාව දියකොබල ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් ඉකුත් 20 වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි මැදගම පොලීසිය පවසයි.

ඇය උපකාරක පන්තියකට යාමට නිවසෙන් පිටවගොස් ඇතත් ආපසු නොපැමිණි බවට මව විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

සිද්ධිය පිළිබඳ මැදගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment