මතුගම සභාපතිගේ ලක්ෂ පහේ යෝජනාව පරදී

249

මතුගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිලරථය පින්තාරු කිරීමට රුපියල් පන්ලක්ෂ දසදහස් හත්සිය විසිහයයි සත අසූපහක (510726.85) මුදල ගෙවීම මාසික රැුස්වීමේදී අනුමත නොවූ අතර ඒ පිළිබඳ ඡුන්ද විමසීමේදී එක් වැඩි ඡුන්දයකින් යෝජනාව පරාජයට පත්වී ඇත.

එම ප‍්‍රාදේශීය සභාවේ අපේ‍්‍රල් මාසික රැස්වීම ඊයේ (26) මතුගම ප‍්‍රාදේශීය සභා රැුස්වීම් ශාලාවේදී සභාපති මෙරිල් මුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සභාපතිවරයාට පැවරී ඇති බලතල මත ආවරණ අනුමැතියට යටත්ව සිදුකළ ගෙවීම් සභාපතිවරයා විසින් සභාවට යෝජනා කළ අවස්ථාවේදී එහි තිබු අංක 6.1.2 යටතේ ඉදිපත්කර තිබූ සභාපති නිලරථය පින්තාරු කිරීමට ගෙවා තිබූ රු 5,10,726.85 මුදලට අනුමැතිය දිය කොහැකි බවට හා ආදාහනාගාර ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දිය කොහැකි බවට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සුජීව නිර්මාණ මහතා (එ.ජා.ප.) විසින් විරෝධතාවක් ප‍්‍රකාශ කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment