දැරියට අතවර කර පොලිසියට කට්ටි පැන්න සැකකරුට කොරෝනා…. සැකකරු පොලිසියට භාරදීමට පැමිණි නීතිඥවරියත් නිරෝධායනයට

297

අළුත්ගම ප‍්‍රදේශයේ බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට කට්ටි පනිමින් සිටි සැකකරු නීතීඥයකු මාර්ගයෙන් අළුත්ගම පොලිසියට භාරවීමට පැමිණීමෙන් පසු කොවිඞ් – 19 ආසාධිතයකු බව හඳුනාගෙන කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කළ බව අළුත්ගම පොලිසිය කියයි.

සැකකරු පොලිසියට රැගෙන ආ අළුත්ගම, මොරගල්ල ප‍්‍රදේශයේ නිතීඥවරිය හා ඇයගේ පවුලේ අය බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී මගින් නිරෝධායනයට ලක් කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ. නිරෝධායනයට ලක්කර ඇත්තේ අළුත්ගම, මොරගල්ල ප‍්‍රදේශයේ නිතිඥවරියක් හා සැකකරු පොලිසියට රැගෙන ආ එම නිතිඥවරියගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ අයයි. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ අළුත්ගම, ගණේගම ප‍්‍රදේශයේ 10 හැවිරිදි දැරියකි. සිය දියණිය සැකකරු විසින් අපයෝජනයට ලක්කරන අයුරු තමා සියසින්ම දුටු බව දැරියගේ

මව වන අනූෂා කුමාරි (35) නමැති අය අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලිසියට ලැබුණ නිර්ණාමික පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ අළුත්ගම පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිශාන්ති මහත්මිය මීට පෙර සැකකරු අත් අඩංගුවට ගෙන කළුතර මහෙස්ත‍්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙලක්ෂ පනස් දහසක (2,50,000/-) ශරීර ඇපමත මුදාහැර නඩුව 2021 අගොස්තු මස 25 දින කැදවීමට නියෝග කර තිබුණි. එයට අමතරව අපයෝජනයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා කළුතර, නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද දැනුම් දී තිබුණි.

දැරිය සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තාව පසුගිය සඳුදා (16) දින ලැබී තිබුණ අතර එම වෛද්‍ය වාර්තාවට අනුව දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු වී තිබුණ බවත් ඒ අනුව සිද්ධිය පරිවාස නිලධාරින්ද මගින් නැවත පෙරේදා (17 දා) දින කළුතර මහෙස්ත‍්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කළ බවත් අළුත්ගම පොලිසිය කියයි. එහිදී මහෙස්ත‍්‍රාත්තුමිය සැකකරුගේ ඇප අවලංගු කර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අළුත්ගම පොලිසියට නියෝග කළ බවද අළුත්ගම පොලිසියේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

සැකකරු ඊයේ (18 දා) අදාළ නීතිඥවරියගේ මාර්ගයෙන් ඇයගේ ස්වාමිපුරුෂයාද සමග පැමිණ සිටි බවත් සැකකරු සතුව පසුගිය 12දා කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාවක් තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබුණි. එම වාර්තාවට අනුව සැකකරු කොවිඞ් – 19 ආසාධිතයකු බවට තහවුරු වූ බවත් ඒ අනුව ඉහත ක‍්‍රියා මාර්ගය ගනු ලැබූ බවත් අළුත්ගම පොලිසිය කියයි. සැකකරු දැරිය පදිංචි නිවසට යාබද නිවසේ පදිංචි අයෙකු බවත් ඔහු දැරියට ඥාතීත්වයෙන් සීයා වන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියටද පැමිණිලි කර තිබේ. අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ මහතාගේ මෙහෙයවීම මත කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිශාන්තී මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අනුර යසමිත් – බළපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment