ඊළඟ ජනපති හා ආණ්ඩුව පිහිටුවන්නේ පොහොට්ටුවයි – එස්. එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ)

63

උමා ඔය ව්‍යපෘතිය කඩාකප්පල් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න විශාල වශයෙන් කටයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (24දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙසේද පැවසුවේය.

ඉරාන ජනාධිපතිතුමා පැමිණ උත්සවාකාරයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේදී. 2011 දී ආරම්භ කරන ලද්දේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන කොට විශාල වශයෙන් විරෝධතා පැමිණියා. ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමා විශාල වශයෙන් මෙය කඩාකප්පල් කරන්න කටයුතු කළා. නොයෙකුත් අවලාද කෙරුවා. ජනතාව කුපිත කෙරුවා. ඒ අවස්ථාවේ දී හැම පැත්තෙන්ම තර්ජන, ගර්ජන කරලා මෙය නවත්වන්න උත්සාහ කළේ. නමුත් මේ ව්‍යාපෘතියෙන් විශාල ප්‍රතිලාභයක් රටට, ජාතියට ලැබෙනවා. අපේ රටේ විදුලියේ අවශ්‍යතාවය පිරිමහන්න මෙම ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් රටට ලැබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ව්‍යාපෘති මගින් ලැබෙන වටිනාකම, අගය රටට ඇති වැදගත්කම තේරුම් අරගෙන ඒ අවලාද, අපහාස සහ නොයෙකුත් තර්ජන ගර්ජන මැද්දේ කරපු නිසා අද දිනයේ අපේ රටට ජාතියට විදුලිය අවශ්‍යතාව සඳහා මෙගා වොට් 120 විදුලි ධාරිතාවක් ලැබෙනවා. රටේ ජනතාවට තමයි මේ ප්‍රතිලාභ සියල්ල ලැබෙන්නේ. මේ පිළිබඳ මා ඉතාම ස්තුතිවන්ත වෙන්න ඕන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට.

අපි ඉතාම උත්කර්ෂ අන්දමින් අපේ මැයි දිනය පවත්වන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට කටයුතු කරගෙන යනවා. අපි මැයි 01 දා කැම්බල් පිටියේ තමයි මේ රැස්වීම පවත්වන්න සූදානම් කර තිබෙන්නේ. විශාල ජනතාවක් මේ සඳහා පැමිණීමට සූදානම් වී සිටිනවා. මා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 3000 ට පිරිසක් එන්න සූදානම් වෙලා සිටිනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය අනුව කියන එක පමණක් මට කියන්න පුළුවන්. ඊළඟ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්කරන තැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment