විසංවාද නැති ගමනකට රනිල් – බැසිල් එකඟතාවක්

93

ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවන අවස්ථාව වනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳව විසංවාදයකින් තොරව පොදු අභියෝග ජය ගැනීමේ අරමුණින් කටයුතු කිරීමට පසුගිය 23 දා හමුවූ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා එකඟ වී ඇත.

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව එම හමුවීම පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිලනිවසේදී සිදුවී ඇත. එහිදී ජනාධිපතිවරයා විසින් හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සඳහා නිල වශයෙන් සහභාගි විය හැකි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් විමසා ඇති අතර, එහිදී ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ අන් සියල්ලන්ට ම පෙර ඒ පිළිබඳව තමන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබූ බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්‍ෂ මහතා, තවදුරටත් කල් නොදමා කඩිනමින් එම කටයුත්ත ඉටුකිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ. මැතිවරණ කල් දැමීම නිසා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් පත්ව සිටින විවිධ අසීරුතාවයන් පිළිබඳවත් ප්‍රකාශ කර ඇත.

එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment