කොළඹ ඩෙංගු මඬින්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සීරුවෙන්

22

කොළඹ මහ නගර බලප්‍රදේශයේ පසුගිය 2023 වර්ෂය හා සසඳන කල 2023 අප්‍රේල් මාසය තුළ ඩෙංගු යැයි සැකකරන රෝගීන් 256ක් වාර්තා වී තිබුණ ද 2024 වර්ෂයේ අප්‍රේල් මස දැනට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 83ක් බැව් කොළඹ නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

නිරිතදිග මෝසම් වැසි සක්‍රියවීමත් සමගින් සෑම වර්ෂයකම 16 වැනි සතියේ රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් දැනටමත් පෙර සූදානමක් ලෙසින් ඩෙංගු රෝගීන් වැඩියෙන් වාර්තා වූ ප්‍රදේශවල අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ඩෙංගු මර්දන කටයුතු ආරම්භ කර ඇත. පෙරේදා (24දා) වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 දෙමටගොඩ, බොරැල්ල හා වනාතමුල්ල යන ප්‍රදේශවල ද ඊයේ (25දා) උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අංක 01 කොටහේන, මෝදර, මට්ටක්කුලිය යන ප්‍රදේශවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අද (26දා) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මැද කොළඹ 2-ඒ කොට්ඨාශයේ කොටුව, පිටකොටුව, කොච්චිකඩේ හා ජින්තුපිටිය යන ප්‍රදේශවල පෙ.ව. 8.30 සිට ආරම්භ කෙරෙන බැව් ද වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment