ඇවිදීමෙන් වයසට යෑම පාලනය වේ

873

නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා ඇවිදීම හොඳ ව්‍යායාමයක් ලෙස පවසනු ලබයි. ඇත්තෙන්ම ඇවිදීම මගින් සිරුරට ලැබෙන නිරෝගී බව කුමක්දැයි කියා ඔබ සිතුවාද?

අපගේ සිරුරේ ස්නායුවලින් සහ රුධිර නාළවලින් සියයට 50 ක් ගමන් කරන්නේ පාද දෙක හරහා ය.

එබැවින් පාද නිරෝගීව පවතින්නේ නම් රුධිර ගමනාගමනය ඉතා හොඳින් සිදුවේ. එසේම පාද ශක්තිමත්ව පැවතීම මගින් හදවතට ද ශක්තියක් ලැබේ.

අපගේ සිරුර වයසට යෑම ආරම්භ වන්නේ දෙපාවල සිට ඉහළටය. එනිසා ඇවිදීම මගින් වයසට යෑම මගින් සිරුරේ සිදුවන මගහැරීම ද පාලනය කරගත හැකිය.

වැඩිහිටි පුද්ගලයන්ගෙන් සියයට 15 ක් පමණ අස්ථි බිඳීමට ලක්වේ. එය වළක්වා ගැනීමට ඇවිදීම මගින් කළ හැකි බව හෙළිවී ඇත.

එනිසා වයස අවුරුදු 40 ඉක්මවූ අය දිනකට පියවර 10,000 ක් ඇවිදීමට පියවර ගන්නේ නම් ඉන් තම සිරුරේ නීරෝගී බව ආරක්‍ෂා වේ.

ඒ සඳහා දිනපතා අවම වශයෙන් විනාඩි 30 ක්වත් ඇවිදීමට හුරුවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment