‘Khayal’ (කයාල්) විලාසිතා දැක්ම පෙබරවාරි 11 වැනිදා මහනුවරදී

123

ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ඇඳුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩේ‍රස් පොයින්ට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘Khayal’ නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11 වැනිදා මහනුවර Earl’s Regency හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතා පැවැසීය.

'Khayal’ (කයාල්) විලාසිතා දැක්ම පෙබරවාරි 11 වැනිදා මහනුවරදී

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

‘Khayal’ විලාසිතා දැක්ම යටතේ උසස් තත්ත්වයේ ලෙහෙන්ගා වර්ග රාශියක්, විශිෂ්ට සාරි පෙළක්, විධිමත් ඇඳුම් කට්ටල, මෝස්තර ජැකට්, විවිධ වර්ගයේ බ්ලේසර් සහ ෂර්වානි එළි දක්වනු ලබයි. අලංකාර නව එකතුව මනාලියන් සහ මනාලයන් සඳහා ඕනෑම අවස්ථාවක් සහ චාරිත්‍රානුකූල සැමරුම් සඳහා සුවිශේෂී පෙනුමක් සහිත මංගල ඇඳුම් ආයිත්තම් කට්ටලයන් ප්‍රදර්ශනය කරනු ලබයි.Khayal මනාලිය, මනාලයා සහ මංගල ආරාධිතයන් සඳහා නවීන ස්වරූපයන්ගෙන් යුතු විවිධ ආකාරයේ මෝස්තර 100 කට වඩා එළි දක්වනු ලබයි. විලාසිතා දැක්ම සන්ධ්‍යා ඇඳුම්, අවස්ථාවන්ට සුදුසු ඇඳුම්, මංගල ආරාධිත ඇඳුම්වලින් සමන්විතය. ප්‍රදර්ශනය අවසානය ආකර්ෂණීය මනාලියන්ගේ එකතුවකින් සමන්විත වේ.

මෙම නිර්මාණ උසස් ඉන්දියානු සෞන්දර්යයකින් සංකීර්ණ එම්බ්‍රයිඩර් සහිත සුවිශේෂී වර්ණවලින් සහ රෙදිවලින් තෝරාගෙන ඇත.Khayal එළිදක්වනු ලබන්නේ සුවිශේෂි වර්ණවලින් යුක්ත ලේස්, ටියුලේ, සැටින් සහ සීකුවින් වැනි උසස් තත්ත්වයේ රෙදිවලිනි.

පිරිමි විලාසිතා එකතුව නවීන මෝස්තරවලින් සමන්විත සෞන්දර්යාත්මක සහ බහුකාර්ය මුද්‍රණ සහ රටා ඇතුළත් වේ. බ්‍රයිඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා නිල මනාලියන්ගේ සඟරාව ලෙස කටයුතු කරයි. ශ්‍රියානි ඩේ‍රස් පොයින්ට් හි සිය බහුකාර්ය විලාසිතා ප්‍රදර්ශනයෙහි ජනප්‍රිය දේශීය ඇඳුම් සන්නාමයක් වන Moose Clothing මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ මල් සැකසුම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන ලස්සන ෆ්ලෝරා මල් සහ සැරසිලි සහකරු වේ.

ශ්‍රී ලංකාවේ සුපිරි හෝටල් අතර ප්‍රමුඛතම තරු පහේ හෝටලයක් වන Earl’s Regency නිල ආගන්තුක සත්කාර සහ ස්ථාන සහකරු වන අතර Haut Monde Event Management නිල උත්සවය සහ PR හවුල්කරු ලෙස කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment