හිරුණිකා ඇතුළු 12ක් අත්අඩංගුවට – පොලිස් ඇපදෙයි

247

සජබ විරෝධතා  පා ගමනට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනකු කොටුව පොලිසිය මගින් ඊයේ (6 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

හිරුණිකා ඇතුළු 12ක් අත්අඩංගුවට - පොලිස් ඇපදෙයි

හිරුණිකා මහත්මිය ඇතුළු පිරිස ඊයේ උදේ ජනාධිපති මන්දිරය අසල පළමු ආරක්‍ෂක මාර්ග බාධකය ඉවත් කර ඇතුළු වී තිබේ. පොලිසියේ බාධා මැද ඉදිරියට ම ගමන් කළ ඔවුන් ජනාධිපති මන්දිරයේ දොරටුවෙන් ද ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එහිදී ආරක්‍ෂක අංශ මහත් පරිශ්‍රමයක් දරමින් හිරුණිකා ඇතුළු පිරිසගේ උත්සාහය වළක්වා ඇත.

හිරුණිකා ඇතුළු 12ක් අත්අඩංගුවට - පොලිස් ඇපදෙයි

එහිදී ඉතා ආවේගශීලීව කථා කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ‘යකෝ එන්න කියාපිය මහලොකු විරුවට… පුළුවන් දෙයක් කරපන්… දැන් එන්න කියපන් මහ එකාට… හිරුණිකා ආවා කියපන්… හිරුණිකා ආවා කියපන්.’ යනුවෙන් පවසා ඇති අතර වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

‘ගෝඨා ගෝ හෝම්, ජනාධිපති මන්දිරය ඉස්සරහට මං ආවා. මේ එක පරයකුට හොයා ගන්න බැරිවුණා මං ආපු විදිහ. ගෝඨාභය එනකම් මං යන්නේ නැහැ. පුළුවන්නම් වෙඩි තියපන් මට. උඹලා බයවුණා. උඹලට මං මොකුත් කරන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු හැමෝටම මං ආරාධනා කරනවා මෙතැනට එන්න කියලා. රටේ ජනතාවගේ දුක මුන්ට තේරෙන්නේ නැහැ.

අනතුරුව එම ස්ථානයට පැමිණි කොටුව පොලිසියේ නිලධාරීන් විසින් හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඒ. ජේ. ඒ. අබේනායක සහ සුජීව තත්සර, කඩුවෙල සුගත් ප්‍රේමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment