බිත්තර පාලන මිල සංශෝධනයට සලකා බලනවා

47

පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණයට දන්වයි

ආහාර සුරක්ෂිත කමිටුවෙන් තොරතුරු ලබාගෙන බිත්තර අලෙවි කිරීම සඳහා රජය පනවා ඇති පාලන මිල සංශෝධනය කිරීමට සලකා බැලීමට පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඊයේ (30 දා) අභියාචාධිකරණයට දැනුම් දුන්නේය.

බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ පාලන මිල අභියෝගයට ලක්කරමින් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය. එම පෙත්සම ප්‍රසන්න ද සිල්වා හා ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම ලබන 14 වැනිදා දක්වා කල් තැබීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment