මේ රටේ තරුණ තරුණියන් සියයකට අසූවකට පමණ විශ්වවිද්‍යාලයට යෑමේ අවස්ථාව ගිලිහිලා – කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා

74

උසස් පෙළෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන තරුණ තරුණියන්ගෙන් සියයට විස්සක පමණ ප්‍රමාණයකට පමණක් විශ්වවිද්‍යාලයට යෑමට වරම් ලැබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුව බෝලවලාන පැවති උත්සවයක දී ප්‍රකාශ කළේය.

කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේ බෝලවලාන ශුද්ධෝත්තම සොළොස්වෙනි බෙනඩික් පිය උසස් අධ්‍යාපන ආයතනයේ නව ගොඩනැඟිල්ල ආසිරි ගන්වා විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

මෙම තත්ත්වය මත මේ රටේ තරුණ තරුණියන්ගෙන් සියයට අසූවක පමණ පිරිසකට විශ්වවිද්‍යාලයට යෑමේ අවස්ථාව ගිලිහී ඇති බවද කාදිනල්තුමා කීවේය.

මේ අනුව මේ රටේ අධ්‍යාපනයේ ප්‍රගතිය සහ සංවර්ධනය තකා යම් භූමිකාවක් ඉටුවිය යුතු බව පිළිගනිමු යැයිද කාදිනල්තුමා සඳහන් කළේය.

මේ රටේ සෑම දරු දැරියකටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කතෝලික සභාව තහවුරු කරගෙන තිබෙන බවද කාදිනල් තුමා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment