මත්ද්‍රව්‍ය සඟවාගෙන ඇතැයි පාසල් දරුවාගේ කළිසම ගැලවූ පොලිස් වෙස්ගත් කුඩ්ඩෝ කූඩු

418

පොලිසියෙන් බව පවසමින් මත්ද්‍රව්‍ය ළඟ ඇතැයි කියා කළිසම ගලවා පාසල් සිසුවෙකු පරීක්ෂා කරමින් මුදල් ඉල්ලූ බව කියන මත්ලෝලියෙකු ඛියගම පොලිසිය මගින් ඉකුත් 2 දා දහවල් බියගම, සියඹලාපේ හන්දියේ ශරීර සුවතා ව්‍යායාම මං තීරුව අසල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම මොහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම්ස් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඒ අවස්ථාවේ මොහු සමග සිටි මොහුගේ සගයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිසුවා උපකාර පන්ති ගොස් එමින් සිටියදී මේ අකරතැබ්බයට මුහුණ පා තිබේ. මේ මත්ලෝලියා හා සගයා සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙන අතර මොවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment