ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි

34

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ඊයේ (06දා) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත.

රණවිරු කොඩියේ ආකෘති ඵලකය ද මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද රණවිරු සේවා අධිකාරියේ උප සභාපති එයාර් වයිෂ් මාෂල් නිහාල් ජයසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment