සෝ සුසුම් මැද රම්‍යා සමුගනී

7007

ගුවනින් ඇසුණු ඒ රම්‍ය හඬ යළි කවදා ඇසේවිදෝ

ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම නිළියක ලෙස ද ප්‍රසිද්ධව සිටි ප්‍රවීණ කලා ශිල්පිනී රම්‍යා

වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (10දා) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ඊයේ දහවල් එම මහත්මියගේ දේහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබූ අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු. මෙම අවස්ථාවට එක්වූ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ජ්‍යෙෂඨ නිවේදකයන් වන වසන්ත රෝහණ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, තිලකා රණසිංහ, ප්‍රවීණ නළු විජේරත්න වරකාගොඩ යන මහත්ම මහත්මීන් සමග අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දරු දෙදෙනා ද මිනිපිරිය ද ඡායාරූපයේ වෙති.

සෝ සුසුම් මැද රම්‍යා සමුගනී
ජනපති බුහුමන්

ඡායා – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment