බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර කෝටි 5 ක් ගෙන්වයි

64

පළමු තොගය ඊයේ එයි

වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යෑම පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර කෝටි පහක් ආනයනය කිරීමට වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් මෙම බිත්තර ආනයනය කරන බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර එක්කෝටි පනස්ලක්‍ෂයක පළමු තොගය ඊයේ (17දා) සවස කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ බවත් එම බිත්තර ඉදිරි දින කිහිපය තුළ සතොස අලෙවිසල් හරහා රුපියල් තිස්පහකට අලෙවි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 60 ත් 65 ත් අතර මිලක පවතී. එසේ බිත්තර අලෙවි වන්නේ ද සීමිත වෙළෙඳසල් කිහිපයක පමණක් බවත් බොහෝ වෙළෙඳසල්වල බිත්තර නොමැති බවත් පාරිභෝගික ජනතාව පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment