බැසිල්ගේ තනතුර හිස්ව තබා පොහොට්ටුව නව නිල මඬුල්ල පත් කර ගනී

140

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය ඊයේ (17දා) පත් කළ බවත් නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය තවමත් පුරවා නොමැති බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළැඹ තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත. ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබේ. පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත් කිරීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන මණ්ඩලයට ද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු අලුතින් නිර්මාණය කර ඇත. මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරා ගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment