අර්ථ සාධකයට බලපෑමක් නැතැයි ආණ්ඩුව කියන්නේ බොරු -ජී. එල්. පීරිස්

132

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී සේවක අර්ථ සාධක අරමුදලට බලපෑමක් නොකරන බවට රජය සිදුකළ ප්‍රකාශ අසත්‍යයක් යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (02 දා) පැවසීය.

මෙවැනි කාරණා නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සිය හෘද සාක්‍ෂියට නොගැලපෙන බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඡන්ද දෙන අවස්ථාව මගහැරිය බවද නිදහස ජනතා සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළත් එය සටහන් නොවන තත්ත්වයක් තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ලබන බදාදා කථානායකවරයා හමුවී දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මගින් මුදල් ඇමැතිවරයාට අසීමිත බලතල දී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මීට පෙර කිසිවක් ප්‍රකාශ නොකළ බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment