කථානායකවරයා පක්‍ෂග්‍රාහීව කටයුතු කළා-සජිත්ගෙන් චෝදනා

167

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉතා පක්ෂග්‍රාහී ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙසත් කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයේ සියලු දෙනා එකතුකර ගනිමින් කථානායකවරයාගේ ඒකාධිපති පිළිවෙතට විරෝධය පළ කරන බවත් කථානායකවරයා ආණ්ඩුවට සහ විපක්ෂයට සමානව කටයුතු කළ යුතු වුවද ඔහු ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් ඒ විපක්ෂ නායකවරයා පැවසීය.

එම විවාදය රාත්‍රී 7.30න් පසුව දීර්ඝ කිරීමට කලින් යෝජනා වුවද කථානායකවරයා එම එකඟතාවන් කඩ කළ බවද හෙතෙම චෝදනා කළේය.

මේ අතර සමගි ජන බලවේගය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට කියා සිටියේ, කථානායකවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය යන ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කරන බවය.

එම විවාදයේදී කථානායක විවාදය කෙටි කිරීමට අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනකුට අදහස් පළ කිරීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment