අනුරාධපුර ගම්වල නිදන්ගත රෝගීන් බෙහෙත් නැතිව මරණාසන්නයේ

487

කොවිඞ් සංචරණ හේතුවෙන් මේ වන විට ප‍්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකිව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඈත ගම් දනව්වල සිටින හෘදයාබාධ හා වකුගඩු ඇතුළු නිදන්ගත රෝගීන් දැඩි ඖෂධ හි`ගයකට මුහුණ පා ඇත. මේ නිසා තමන් මරණයේ වේදනා අත්වි`දිමින් සිටින බව එම රෝගීහු පවසති.

 මාසිකව පැවැත්වෙන වෛද්‍ය සායන ස`දහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ ඹෟෂධ ලබා ගැනීමට මාස කීපයක සිට තමන්ට නොහැකි වූ අතර අවශ්‍ය ඖෂධ ෆාමසිවලින් මිලදී ගැනීමද තව දුරටත් කරගත නොහැකි නිසා ඇතැම් රෝගීන් මහත් වේදනාවෙන් පසු වන බවද ඔවුහු පවසති.

 රෝහලට පැමිණීම ස`දහා කිසිදු හැකියාවක් නොමැති මෙම රෝගීන්ට තිබුූ පොදු ප‍්‍රවාහනයද මෙවන විට නැවතී ඇති නිසා එම රෝගීන් මහත් සේ අසරණ වී සිටිති.

 අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ,කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පතාන ඇතුළු ඈත ප‍්‍රදේශවල රෝගීන් මෙලෙස දැඩිව අසරණ වී සිටිති.

 මේනිසා පෙර පරිදි තැපැල් සේවය මගින් ඖෂධ ලබා දුන් ආකාරයට හෝ ප‍්‍රවාහන ගාස්තුවක් අයකර හෝ එම ඖෂධ තම නිවෙස්වලට ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර දෙන මෙන් එම රෝගීහු රජයෙන් ඉල්ලා සිටිති.

නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment