සිරි නරඹන්න ගිය තරුණයා දූවිලි ඇල්ලට බිලි

153

බළන්ගොඩ කල්තොට දූවිලි ඇල්ල නැරැඹීමට ගිය පිරිසක් අතරින් එක් තරුණයකු පෙරේදා (16 දා) දියඇල්ලෙන් පහළට වැටී මරණයට පත් වී ඇත.

මොහු කහවත්ත, සමරකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අජිත් කුමාර (26) නමැති රියැදුරකු බව හඳුනාගෙන ඇත. මොහුගේ මළසිරුර ඊයේ (17 දා) දහවල් 1 ට පමණ නාවික හමුදාව මඟින් මහත් වෙහෙසක් දරා ගොඩගනූ ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බළන්ගොඩ මූලික රෝහලට යවා ඇති බව කල්තොට පොලිසිය සඳහන් කළේය.

මේ පිළිබඳව කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. තරංග හපුගස්වත්ත, උ.පො.ප. සුමනරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ මෙහෙයවති.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment