කාලිංග අවසන් පූර්ව තරගයේදී තුන්වැනි තැනට

150

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 අවසන් පූර්ව තරගය සඳහා ඊයේ (16 දා) උදෑසන සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කාලිංග කුමාරගේ එම තරගයෙන් තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේය.

එහිදී කාලිංග වාර්තා කළ කාලය තත්පර 46.27 කි.

ඒ අනුව මීටර් 400 තරගයේ අවසන් මහා තරගය සඳහා කාලිංග කුමාරගේ සුදුසුකම් ලැබූ අතර ඊයේ රාත්‍රී එම තරගය තරගය පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම තරගාවලියේ මීටර් 400 මූලික වටයේ දී තත්පර 46.76 ක කාලයක් වාර්තා කරමින් කාලිංග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අවසන් පූර්ව වටයේ දී පළමු සහ දෙවන ස්ථාන කේරළ ක්‍රීඩකයන් දෙදෙනකු විසින් හිමිකර ගන්නා ලදී.

මෙවර පැවැත්වෙන්නේ ඉන්දීය ප්‍රාන්ත අන්තර් මලල ක්‍රීඩා තරගාවලියේ 62 වෙනි අදියරයි.

advertistmentadvertistment
advertistmentadvertistment