පිටකොටුවේ අනතුරකින් තිදෙනෙකුට බරපතළයි

130

පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළෙඳසලක් ඉදිරිපිට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පිටකොටුව පොලීසිය කියයි.

එක් අයෙකු මෝටර් රථය කඩා වැදීමත් සමගම පිටතට පැන අනූ නවයෙන් දිවි බේරාගෙන ඇත.

මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවක් සඳහා පිටව ගිය අවස්ථාවේදී ඒ තුළ සිටි ඔහුගේ මිතුරකු මෝටර් රථය පණගන්වා තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි. මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පිටකොටුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment