අනියම් සැමියාගෙන් වෙඩි පහරින් මැදිරිගිරියේ එක්දරු මව ජීවිතක්‍ෂයට

583

මැදිරිගිරිය මිරිස්හේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක තම අනියම් සැමියා විසින් පෙරේදා (15 දා) රාත්‍රී 9.30 ට පමණ වෙඩිතබා ඝාතනය කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ මරාදමා ඇත්තේ මැදිරිගිරිය මිරිස්හේන ප්‍රදේශයේ පදිංචි නිරෝජනී ප්‍රියදර්ශනී නමැති 38 හැවිරිදි එක්දරු මවකි.

මියගිය කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග සබඳතාවක් පවත්වා ඇත. එම පුද්ගලයා පෙරේදා රාත්‍රී කාන්තාවගේ නිවසට පැමිණ ඇය සමග දබර වී පසුව නැවත තම නිවසට ගොස් පතරොම් තුවක්කුවක් රැගෙන විත් ඉන් මියගිය කාන්තාවගේ පපුවට හා හිසට වෙඩිතබා ඇත. සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇත. පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානක ද සිල්වා මහතාගේ මඟපෙන්වීම මත මැදිරිගිරිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. එල්. විතානගේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. ප්‍රභාත් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment