කුඹුර රැක ගන්න අනවසර විදුලි රැහැන්  ඇද්ද පස්දරු පියා විදුලියටම බිලි

128

අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි රැහැනක පැටලී පුද්ගලයකු මරණයට පත්වී ඇති බව මනම්පිටිය පොලිසිය පැවසීය.

පෙරේදා (16 දා) රාත‍්‍රී 11 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මරණයට පත්වී ඇත්තේ මනම්පිටිය මහවැව, අංක 99/2 ඉඩමේ පදිංචිව සිටි බී. ඒ. බාලසූරිය නමැති පස්දරු පියෙකි.

තම කුඹුරට එන වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා විදුලිය ලබා ගැනීමට යෑමේදී මෙම අනතුර සිදුවීමට ඉඩ ඇතැයි සැක කරන අතර මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සම්පත් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරයි.

මනම්පිටිය – ජේ. ඒ. ජයකොඩි, අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment