මෛත්‍රීගේ මල්ලීගේ දියමන්ති මුද්දටයි ඩොලර් 5000 ටයි පෞද්ගලික ආරක්ෂකයා විදලා

4064

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරාගේ (චමින්ද සිරිසේන) රුපියල් කෝටියක් පමණ වටිනා දියමන්තියක් ඇල්ලූ රන් මුද්දක් සහ ඩොලර් පන්දාහක් රැගෙන ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පලා

ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසියට ඊයේ (29 දා) වාර්තා වී තිබේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එම්. එච්. ඩී. සිල්වා මහතාගේ උපදෙස් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම සැකකරු පලාගොස් ඇතැයි කියන හම්බන්තොට ප්‍රදේශයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

දුරකථන තාක්ෂණය ඔස්සේ සැකකරු ආගිය තැන් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙන බවත් පවසන පොලිසිය සැකකරුට තවත් අයකුගේ සහාය ලැබී ඇති බව ද විශ්වාස කරයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment