නයිජීරියාවේ කොල්ලකරුවෝ පුද්ගලයන් දෙසීයක් ඝාතනය කරති

150

නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරා ප‍්‍රාන්තයේ සන්නද්ධ සටන්කාමීන් විසින් එල්ල කරන ලද දරුණු ප‍්‍රහාර රැුල්ලකින් අවම වශයෙන් පුද්ගලයන් 200 දෙනකු මියගොස් තිබේ.

 තුවක්කුකරුවන් විසින් ප‍්‍රහාරයෙන් මියගිය අයගේ නිවාස සහ මළ සිරුරු පුළුස්සා දමා ඇත.

 එක් ගම්මානයක පදිංචිකරුවකු රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ සටන්කාමීන් ‘‘පෙනෙන ඕනෑම කෙනකුට” වෙඩි තබන බවයි. මෙම ප‍්‍රහාර වයඹ නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාර රැුල්ලක නවතම ප‍්‍රහාරය වන අතර, මධ්‍යම ආණ්ඩුව මොවුන්ව හ`දුන්වන්නේ කොල්ලකරුවන් ලෙසය. මෙම කල්ලි විශාල භූමි ප‍්‍රදේශයක් හරහා ක‍්‍රියාත්මක වන, බොහෝ විට සතුන් සොරකම් කරන, කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙන යෑම සහ ඔවුන්ට මුහුණ දෙන අය මරා දමන අපරාධකරුවන්ගේ නවීන ජාලයන් වේ. අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා රාත‍්‍රි කාලයේ යතුරුපැදිවලින් තුවක්කුකරුවන් 300 ක් පමණ පැමිණ මෙම ප‍්‍රහාර දියත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment