ඇසේ පෙනීම දුර්වල දැයි හඳුනාගන්න

3371

අප බොහෝ දෙනා ඇස් පරීක්ෂා කර ගැනීමට යොමු වී ඇත්තේ ඇස් රතු වූ විට, නිතර කඳුළු එන විට, අසේ පෙනීම දුර්වල වන්නට පටන් ගත් විට වැනි  අවස්ථාවකදීය. මෙම ආබාධයන් මතුවන විට ඇස අභ්‍යන්තරයේ රුධිර නාළ, ස්නායු, මාංශ පේශී ආදිය බරපතළ අයුරින් දුර්වල වී තිබිය හැකිය.

 පාසල් යන කාලයේ සිට දෙමාපියන් දරුවන්ගේ දත් පරික්ෂාවකට යොමු කරවන්නට දක්වන උනන්දුව තරම්වත් ඔවුන්ගේ ඇස් පරීක්ෂාවට යොමු නොකිරීම නිසා මේ වනවිට අප රටේ ජනගහනයෙන් සියයට 1.1 ක ප‍්‍රතිශතයකගේ ඇස් පෙනීමේ දුර්වලතා පවතී. අපට අසල්වාසී රටවල් වන ඉන්දියාවේ ජනතාව තුළ ඇස් පෙනීමේ දුර්වලතා පවතින්නේ 0.45 ක ප‍්‍රතිශතයකි. නේපාලයේ ඇත්තේ 0.32 ක ප‍්‍රතිශතයකි.

 අපට වඩා ආර්ථික අතින් සහ සාක්ෂරතා මට්ටමින් පහළ මට්ටමක පවතින රටවලට වඩා අප රටේ ජනතාවගේ ඇස් පෙනීමේ දුර්වලතා පවතින බව මේ අනුව වැටහේ.

 ගෝලීයව සලකා බැලූ විට අක්ෂි දුර්වලතා අගය පවතින්නේ 0.68 ක ප‍්‍රතිශතයකි. එම ප‍්‍රතිශතයටත් වඩා ඉහළ අගයක් අප රට තුළ පැවතීම යහපත් නැත. ඒ නිසා මේ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි කියා විමසා බැලිය යුතුය. අක්ෂි දුර්වලතා හඳුනා

 නොගැනීමට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇසට හානි සිදුවන අවස්ථා ගැන අප තුළ පවතින නොදැනුවත් බවය.

 ඇසේ සුද ඇතිවීම, ඇසේ පීඩනය, අලස ඇස් පිළිබඳව, දෘෂ්ටිවිතානයට හානි සිදුවීම ගැන අප තුළ එතරම් අවබෝධයක් නැත.

 අප දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ සම්බන්ධව අවධානය යොමු කළත් මෙම රෝගාබාධ නිසා ඇසට සිදුවන හානිය ගැන එතරම් අවධානය යොමු කරන්නේ නැත.

 ඇසේ දුර්වලතාවක් පවතින බවට අප අවධානය යොමු කරන්නේ ඇසේ පෙනීම දුර්වල විටදීය. එසේ ඇසේ පෙනීමේ දුර්වලතා මතුවන විට ඇසට සිදුව ඇති හානිය බරපතළ බව වටහා ගත යුතුය.

 අප බොහෝ දෙනා ඇස් පරීක්ෂා කර ගැනීමට යොමු වී ඇත්තේ ඇස් රතු වූ විට, නිතර කඳුළු එන විට, අසේ පෙනීම දුර්වල වන්නට පටන් ගත් විට වැනි අවස්ථාවකදීය.

 මෙම ආබාධයන් මතුවන විට ඇස අභ්‍යන්තරයේ රුධිර නාළ, ස්නායු, මාංශ පේශී ආදිය බරපතළ අයුරින් දුර්වල වී තිබිය හැකිය. ඇස් පරීක්ෂා කර ගැනීමට අප යොමු වීම පිළිබඳව විමසා බැලීමේදී ශී‍්‍ර ලංකාවේ සියයට 80 ක් පමණ පිරිස ජීවිතයේ එක් වරක් හෝ ඇස් පරීක්ෂාවකට ලක්වී නැති බව සමීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

 ඇසට මෙලෙස යම් හානියක් සිදු වූ විට එය නැවත ආපසු හැරවිය නොහැකිය. එනම් යළි සුවපත් කළ නොහැකිය. ඉන් සිදුවන්නේ ඇසේ පෙනිම දුර්වල වී අන්ධභාවයට පත්වීමේ සීමාව වෙත ළං වීමය.

 ඇස් පරීක්ෂා කර ගැනීම

 අපගේ ඇස් දෙකෙහි පෙනීමේ දුර්වලතා පරීක්ෂා කර ගැනීමට අක්ෂි සායනයක් වෙතම යායුතු නැත. ඉතා සරල පරීක්ෂාවන් කිහිපයක් මගින් ඇසේ පෙනීමේ දුර්වලතා පවතී ද, වර්ණ අන්ධතා පවතී ද, ඇසේ ස්නායුවලට හානි සිදුව ඇති ද, දෘෂ්ටිවිතානයට හානි සිදුව තිබේ ද, පරතර පෙනීමේ දුර්වලතා ඇති ද කියා හඳුනාගත හැකිය. ඒ සඳහා කළු සුදු පුවරුව, වර්ණ පුවරුව, කොටු පුවරුව, ආලෝක පරීක්ෂාව සහ පරතර පරීක්ෂාව යොදාගත හැකිය.

 කළු සුදු පුවරුව

 කළු සුදු පුවරුව මගින් අපගේ ඇසේ දුර්වලතා පවතී ද කියා හඳුනා ගත හැකිය. එහිදී පුවරුවේ ඇති අන්තිම පේළිය නොපෙනේ නම් ඉන් පවසන්නේ අපගේ ඇසේ කුමක් හෝ දුර්වලතාවක් පවතින බවය.

 වර්ණ පුවරුව

 වර්ණ පුවරුව තුළ ඇති අංක කියවිය නොහැකි නම් ඇස තුළ කිසියම් හෝ වර්ණ අන්ධතාවක් පවතී.

 කොටු පුවරුව

 කොටු සහිත පුවරුවක් දෙස බැලීමේදී එහි ඇති ඉරි කෙලින් නොපෙනේ නම් සහ ඇද වී පෙනේ නම් දෘෂ්ටිවිතානයේ ගැටලූ ඇති බව හඳුනාගත හැකිය.

 ආලෝක පරීක්ෂාව

 ඇසට ටෝච් බල්බයක එළිය එල්ල කළ විට ඇසේ බබා කුඩා නොවේ නම් ඉන් බරපතළ රෝගාබාධ රැුසක් හඳුනාගත හැකිය. එනම් මොළයේ ගැටිත්කක්, දෘෂ්ටිවිතානයේ ගැලවී යෑමක්, ඇසේ ස්නායු දුර්වල වී ඇති බවක් වැනි කුමන හෝ රෝගයක් ඇති බව ඉන් පවසයි.

 පරතර පරීක්ෂාව

 අපගේ දෑත් දෙපසට විහිදුවා හිස කෙලින් තබාගෙන දෑත් දෙස බැලිය යුතුය. එහිදී දෑත් හරිහැටි නොපෙනේ නම් පරතර පෙනීමේ දුර්වලතා පවතින බව හඳුනාගත හැකිය.

 අපගේ ඇස් දෙකෙහි අංශක 190 ක කෝණයක් දක්වා පෙනීමක් පවතී. එය නිවැරදිව තිබේදැයි මෙම පරතර පරීක්ෂාවෙන් හඳුනාගත හැකිය. ඒ අනුව මෙම සරල පරීක්ෂාවන් මගින් ඇසේ කුමන හෝ දුර්වලතාවක් ඇති බව හඳුනාගත් පසු වහාම අක්ෂි සායනයක් වෙත යොමු වී මතුව ඇති අක්ෂි දුර්වලතාවන් සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම කළ යුතුය.


 නිරෝගී දිවියකට  යෝග ව්‍යායාම

 යෝග ‘යුජ්’ නම් සංස්කෘතික වචනයෙන් උපුටාගෙන ඇති අතර යම් දෙකක එකතුවක්  (Union) ලෙස මෙහි තේරුම වේ. එනම් සිත සහ මනසයි. මනස සහ කය පාලනය කිරීමට උගන්වන සාර්ථක එක් ක‍්‍රමයක් වන්නේ යෝග ව්‍යායාමයි. නමුත් මනස එක ලෙස පවත්වා ගැනීම අසීරු කටයුත්තකි. එදිනෙදා කාර්යබහුල ලෞකික ජීවිත ගතකරන අපට සරල යෝග ක‍්‍රම උපයෝගිකොටගෙන හුස්ම, මනස සහ කය එකලෙස පවත්වා ගනිමින් කරන ව්‍යායාම යෝග මඟින් උගන්වයි.

 හඨ යෝග මඟින් හුස්ම පාලනය (Breathing) හෙවත් ප‍්‍රාණයාමද, ආසන මඟින් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම (proper posture) මඟින් සන්සුන් සුවපත් මනසක් සහ නිරෝගී ශරීරයක් උදාකර ගත හැකිය.

 ‘‘ආසනම් ස්ථීරම් සුඛම්’’ ලෙස පැරණිම යෝග ග‍්‍රන්ථය  (Hatha yoga sutras 195)  පාඨාංජලි සෘෂියෙහි ස`දහන් ආකාරයට ආසන යනු ස්ථීර පහසු ඉරියව් පවත්වා ගැනීම වේ. (staedy comfortable postures) එමගින් ශරීරයෙ නාඩි තෙරපීමකට ලක්කර ශරීරයේ අභ්‍යන්තරය උත්තේජනයකට ලක්කර ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අභ්‍යන්තර පද්ධතීන් කාර්යක්ෂම කර නිරෝගිභාවය ඇති කරයි. ප‍්‍රාණයාම හෘදය සහ පෙනහළු කාර්යක්ෂම කර ශරීරය සහ මනස සමබර කිරීම වෙනුවෙන් හෝමෝන පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීම සිදු කරයි. එසේම
 යෝගියකු තම ජීවිතය ත‍්‍රිකෝණාකාරව දකියි. ළදරුවකු ලෙස මෙලොව එළිය දකින සෑම කෙනකුම ඉපදීම, වැඞීම, වෙනස් වීම, වයසට යෑම සහ මරණයට මුහුණ දෙයි. වයස අවුරුදු 18 දක්වා ශරීරය වර්ධනය වන අතර උපරිම වැඞීම තුරුණු බව ඇති කරයි. එම තුරුණු බව අවුරුදු 25 – 35 දක්වා කාලය තුළ පවතී. මෙම කාලය තුළදී අලූත්වැඩියා වීම වැඩි වේගයකින් සිදු වේ. (rejuvenation) ෙසෙල දිරාපත් වන වේගයට වඩා ෙසෙල වර්ධන අලූත්වැඩියා වේගය වැඩි වේ. අවුරුදු 35 පසුව එය අනෙක් පැත්තට සිදු වේ. එනම් ෙසෙල දිරාපත්වීමේ වේගය ෙසෙල වැඩිවීමේ වේගයට වඩා වැඩි වේ. (Anabolic
 > catabolice)  තුරුණු වීමේ  (rejuvenation) ප‍්‍රවණතාවය මද වේ. එම නිසා ශාරීරික මානසික  රෝගී තත්ත්වයන් වැඩි වී ශරීර ක‍්‍රියාකාරීත්වය අඩපණ වී රෝගී වීමෙන් මරණය ඇති වේ. මෙය ස්වාභාවිකව සිදුවන ක‍්‍රියාදාමයකි.

 1. නිවැරැදි ව්‍යායාම  (proper exerslce)

 2. නිවැරැුදි ශ්වසනය (proper breathing)

 3. නිවැරැුදි ඉහිල්වීම (proper relexation)

 4. නිවැරැුදි ආහාර (proper dvet)

 5. සුභවාදී චින්තනය හා භාවනා (proper thinking / meditati)

 එසේම යෝග තුළින් ස්වයං විනයක් ඇති කරයි. අපගේ ගුණාත්මකභාවය උපරිමව පවත්වා ගැනීමට යෝග ක‍්‍රම උපයෝගී වන බව මෙම කරුණු වලින් ඔබට වැටහෙනවා ඇත. එසේම තමාට ගැළපෙන, කළ හැකි උපරිම අවබෝධයෙන් යෝග කිරීම මඟින් නිරෝගී ජීවිතයක් ඔබට ගතකළ හැකිය.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment